Connect with us

පුවත්

ඍජු විදේශ අයෝජනවල  90%ක වැඩිවීමක්

Published

on

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු 
විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන 
මණ්ඩලය සමත් වී තිබේ.

අද (20) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර 
දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති 
සමාලෝචනයේදී මේ බව අනාවරණය විය.

එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී 
දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද 
වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් 
මිලියන 4669ක ආයෝජන යෝජනා ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්, අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණදෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි 
විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරිණි.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ 
ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල 
වැඩකොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි. සාම්ප්‍රදායික ආයෝජන 
ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමා සහිත බැවින්, රටක් ලෙස 
නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනා ගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට 
පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව,1978 වසරේ සිට මේ දක්වා උපයා ගැනීමට සමත් ව ඇත්තේ ඩොලර් 
බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත්, වියට්නාමය 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නේය.

ආයෝජන දිශාගත කිරීමේදී සේවා අංශයේ ආයෝජන වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙසත් මඟහැරුණු අවස්ථා හඹා යාමෙන් ඔබ්බට ගොස් නව ආයෝජන අවස්ථා සොයා ගැනීම ආයෝජන මණ්ඩලයේ අරමුණ විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආයෝජන 
මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ආයෝජන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 
රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මිහු ඇතුළු ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ 
නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

“ගල් ඉබ්බා” මතුගමදී පොලීසියට කොටුවේ

Published

on

By

අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසිනි.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නය.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

තලවතුගොඩ Austasiaහි වෙඩි තැබීමක්

Published

on

By

තලංග​ම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇත.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔස්ට්‍රේසියා ස්පොට් ක්ලබ් සමාජ ශාලාව (Austasia Sports and Leisure Club)  පිහිටි භුමියේදී ය.

ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයා විසින් ඔහු සතුව තිබු බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරියා විසින් ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති බවයි වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් රිවෝල්වර ගිනි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන් තිබේ. 

වෙඩි තැබිමේ සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Continue Reading

පුවත්

ඇමරිකා මැදිහත්වීමෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැඩසටහනක්

Published

on

By

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ සහයෝගීතාවයෙන්, සති දෙකක කලාපීය පුහුණු වැඩසටහනක් පවත්වන ලදී

මෙම වැඩමුළුවේදී, බරපතළ ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ නව මනෝවර්තක ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටනිල් සහ ඒ හා සමාන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

පුහුණුව අවසානයේ පැවති උත්සවයකදී, එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩළයේ (NDDCB) සභාපති ආචාර්ය ඉන්දික වන්නිනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රේඩියන් ASAP මත්ද්‍රව්‍ය පරීක්ෂණ උපකරණය ශ්‍රී ලංකා බලධාරීන්ට භාර භාර දීම ද සිදුවිය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අරමුදල් ලද කලාපීය මුලපිරීමක් වන අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙස, දකුණු ආසියාව පුරා කෘත්‍රිම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම ශක්තිමත් කිරීමට, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කටයුතු පිළිබඳ කාර්යාංශය (INL), Colombo Plan සමඟ හවුල් වී ඇත.

සිය ජාතිකරසායනාගාරවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නවීනතම උපකරණ ස්ථාපනයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන
රටවල අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් කොළඹදී සති දෙකක විස්තීරණ පන්ති කාමර සහ ප්‍රායෝගික පුහුණුවකට සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved