Connect with us

පුවත්

එක වසරට ළමුන් ගන්න පගාව ගත්තැයි DS විදුහල්පතිට චෝදනා?

Published

on

පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේදී කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මුදල් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි “සතිය” පුවත්පත වාර්තා කර තිබේ.

මෙම විදුහල්පතිවරයාට මීට පෙර සේවය කළ පාසැලේදීද දරුවන් ඇතුළත් කරගැනීමේදී මූල්‍ය අක‍්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශණයක් පවත්වා රාජ්‍ය සේවා කොමිශන් සභාව විසින් ඔහු යළිත් විදුහල්පති ධූරයට පත් නොකරන ලෙස නිර්දේශයක් ද දී තිබූ බව පැවසේ.

ඔහුව ඞී.ඇස්. සේනානායක විද්‍යාලයේ රාජකාරිය ආවරණය සඳහා අධ්‍ය්‍යාපන අමාත්‍යංශය විසින් පත්කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිසන් සභාව අදාළ නිර්දේශය ද නොසලකා බව එම පුවත්පත වාර්තා කර ඇත.

මෙම පාසලට පත්වීමට පෙර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වීමට ඔහු උත්සහ ගෙන ඇති අත එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ දැඩි විරෝධය හේතුවෙන් එය ව්‍යවර්ථ වී තිබේ.

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved