Connect with us

පුවත්

එජාපයේ භූත බලපෑම ගැන රවී හෙළිකරයි

Published

on

එක්සත් ජාතික පක්ෂය විනාශ කරන භූතයෝ දෙන්නෙක්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට රනිල් වික්‍රමසිංහ පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවැසීය.

විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය. මේකෙ තියෙන්නේ දෙන්නා ආරක්ෂා කරනවාද, එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරනවාද යන ප්‍රශ්නය බව හෙතෙම කීවේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මම එක්සත් ජාතික පක්ෂයේ හැඟීම් බරව හැම වෙලාවෙම කතා කළාට, අවුරුදු 27ක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කතා කළාට නායකයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ තවම හිටියාට මම කිවුවා අර භූතයෝ දෙන්නා මේ පක්ෂය නැති කරනවා කියලා. මම ඉතාමත් හැගීම් බරව කියන්නේ.

අපිව මෙතනින් පන්නන්න හදන එක අපිව මෙතන ජ්‍යෙෂ්ඨත්වයෙන් පන්නන්න හදන එක නේද දැන් පේන්න තියෙන්නෙ. ඇයි අද රුවන්, ඇයි අද නවීන්, ඇයි අද මේකෙ ඉන්න හරීන්ලා මනූෂලා, ඇයි තලතලා, ඇයි මේකෙ අකිලල ඇයි ඔක්කොම නිශ්ශබ්ද වෙන්නේ. ඒගොල්ලන්ට කොන්දක් නැද්ද නැඟිටලා කතා කරන්න. මේ සුළු පොඩි ඡන්දයක්, ඒ සුළු ඡන්දෙ තුළිනුත් පෙනුනා සැබෑ තත්ත්වය. කොළඹ නිදසුනක් වශයෙන් ගන්න. 2018 මම කොළඹ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන කොට ඒ සුළු ඡන්දයට 69කින් අපි 67ක් ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා.

එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තනියෙන් මේකෙ කවුන්සිල් එක හදන්න පුළුවන් හැකියාව තිබුණා. ඒත් අද 13කට අඩුවෙලා තියෙන්නේ.

අද ඒ ගෙන එන ආකාරය, අපට හිරිහැර කරන්න ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට මේ ප්‍රශ්නය ඇති කරන එක අද කතා කරන්නම තිබෙනවා. මොකද මේක තුළ අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන දෙන්නෙක්ගෙ රැකවරණය දෙන්න ගිහිල්ලා අපේ පක්ෂය නැති කරන්න ඉඩ දෙන්න එපා. රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් අපි ඉල්ලන්නේ ඔබතුමාගේ අභ්‍යන්තරය දන්නවා. මේ කරන ඉල්ලීම සැබෑ යු.එන්.පී. කාරයෙක් වශයෙන් මම ඉල්ලන්නේ. අපි ඔක්කොම එකතු වෙන්න තියෙන වෙලාවක්. ඒ වගේම අනිත් පක්ෂත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාව ඇති කරන්න පුළුවන් වෙලාවක්.


මූලාශ්‍රය – දිනමිණ

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

පුවත්

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දී ඇත.

එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved