Connect with us

පුවත්

එජාප මහලේකම්කම රවීට; රංගේට ආණ්ඩුකාර ධූරයක්

Published

on

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත් කිරීමට මේවන විට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

එසේම දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයකට පත් කිරීමට සැලුසුම් කර ඇති බවද පැවසේ.

ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායක මහතාට වගකීම් ලබාදීමට සූදානම් වේ.

රංගේබණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් මේ අතර වාර්තා වේ.

පුවත්

IMF තීන්දුව, ලොක හා ආසියානු බැංකු ණයටත් පරහට හිටියි?

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූලික කොන්දේසි ඉදිරි මාසය තුළ ඉටු නොවුණහොත් ඉදිරි ණය වාරිකය වන ඩොලර් මිලියන 344 ලැබීම තවත් මාස ගණනාවක් පමාවනු ඇතැයි වාර්තා වේ.

මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, චීනය සහ ජපානය ද එකඟව කටයුතු කරන බැවින් මූල්‍ය අරමුදලේ නිර්දේශ සමඟ එම රටවල් සහ සංවිධාන ලබාදෙන ආධාර ද දැඩිව බැඳී බව පැවසේ.

ඒ අතර, කොළඹ ඉදිකරන ලද පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාදීමට නියමිත බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසියට චීන තානාපති අංශ දැඩි කනස්සල්ල පළ කර ඇතැයි ද වාර්තා වේ.

බදු සහන ඉවත් කළහොත් මෙරට ඉදිරි චීන ආයෝජන සම්බන්ධයෙන් එරට විසින් දැඩි තීරණයක් ගනු ඇතැයි ද පැවසේ.

මේ හැර පාඩු ලබන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගනු ඇතැයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද අපේක්ෂාවෙන් පසුවන බව පැවසේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

 බ්‍රිතාන්‍ය නව අගමැති ලාංකිකයන්ගේ UK පුරවැසි හීන තවත් දුරස් කරයි

Published

on

By

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාමර් විසින් හඳුන්වා දීමට යන නව වීසා නීතිය අනුව ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතික රටවල වැසියන්ට බ්‍රිතාන්‍ය වීසා ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කර තිබේ.

ශිෂ්‍ය වීසා, රැකියා වීසා සහ පූර්ණ කාලීන පදිංචියට අවශ්‍ය කරන වීසා ලබා ගැනීම දැඩි ලෙස පාලනයට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ නව වීසා නීතිය තදින්ම බලපාන බව එහි වැඩිදුරටත් දැක්වේ.

තාවකාලික රැකියා සඳහා පිටත්ව ගොස් වසර පහක් එරට රැඳී සිටි තැනැත්තන්ට පූර්ණ කාලීන වීසා සඳහා අයැදුම් කිරීමේ වරම මෙතෙක් හිමිවී තිබුණු නමුත් දැන් එය වසර දහයක් දක්වා කල් දමා තිබේ.

ශිෂ්‍ය වීසා මත එරටට ගොස් සිටින සිසුන්ට මාසිකව ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් මෙතෙක් කිසිදු බද්දක් අය කළේ නොකළ අතර අගමැතිවරයාගේ නව යෝජනාව අනුව එලෙස ශිෂ්‍යයන්ට ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් 6% ක් නැවත බද්දක් ලෙස අය කිරීමට තීන්දු කර තිබේ.

එසේම බ්‍රිතාන්‍යයේ සත්කාරක සේවා අංශයේ පුරප්පාඩු 1,31,000 ක් පැවතියද එම අංශයට ද රටවල් ගණනාවකින් සේවකයන් බඳවා ගැනීම අධෛර්යට ලක් කර ඇති බව පැවසේ.

සාමාන්‍යයෙන් සත්කාරක සේවකයෙක් වසරකට පවුම් 20,000 ක පමණ වැටුපක් ලබයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන ආකාරයට ශ්‍රී ලාංකිකයන් 4427 දෙනෙක් එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන දැනට එරට සේවය කරති.

අග්‍රාමාත්‍ය ස්ටාමර්ගේ නව වීසා නීතිය මෙම මැයි මස 12 දා ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved