Connect with us

පුවත්

එන්නතක් නිසා දරුවන් 11කට අසාධ්‍යයි

Published

on

මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට මිහින්තලය ප්‍රාදේශීය රෝහලෙන් ලබා දුන් එන්නතකින් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත් වූ සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබේ.

මෙලෙස එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 06ත් 13ත් අතර වයස් සීමාවන්වල පසුවන සිසුන් පිරිසකි.

මෙම සිසුන් පිරිස ඊයේ (14) දින සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදී ලබාදුන් එන්නතක් විෂ විමෙන් ඔවුන් මෙලෙස ආසාධ්‍ය තත්ත්වයට පත් වී තිබේ.

අනතුරුව එම සිසුන් වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

පුවත්

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

Published

on

By

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවය.

මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද අද පස්වරු 2.00 ට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

Continue Reading

පුවත්

තාවකාලික හැඳුනුම්පතක්

Published

on

By

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගත හැකි බවය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරයක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

Published

on

By

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙන බව පැවසේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පදිංචිකරුවන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved