Connect with us

පුවත්

එළවළු තොග මිලේ වෙනසක්

Published

on

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (03 )  දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයන් පවසයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද පෙරවරුවේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දන් පෙන්වාදෙයි.

එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බවත් ඔවුන් පෙන්වාදෙයි.

ඉකුත් දිනවලින් ඉහල මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබුණි.

රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 150ත් 200 ත් වැනි මිලකට මෙදින අලෙවි වූ අතර  වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි විය.

විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි.

ඒ අනුව ලීක්ස්  කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය.

ව්‍යාපාරිකයන් පෙන්වාදෙන්නේ, කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇති බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි වූ අතර එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයකි.

එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාශ වීම නිසා  විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වාදෙති.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ  අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,

  • බෝංචි 650  ත් 700
  •  ලීක්ස් 100ත් 140
  •  කැරට්  60 ත්  100
  • ගෝවා  40 ත් 100
  • තක්කාලී  180. 200
  • රාබු  30 ත් 60
  • නො කෝල් 280.ත් 300
  • කැකිරී  50 ත් 60
  • පිපිඤ්ඤා   80ත් 100
  • වැටකොලු    160 ත් 240  
  • බණ්ඩක්කා  50 ත් 60
  • පතෝල 150 ත් 160
  •  වම්බටු   150 ත් 200
  • අමු මිරිස් 150ත් 200
  • මැකරල් 30ත් 50
  • මාළු මිරිස්  300 ත් 350

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved