Connect with us

පුවත්

එළවළු  ලොරිය හා ඉන්ධන බවුසරය ගැටේ

Published

on

මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු  තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.

එම මාර්ගයේ,  මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති තිබේ.

අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ,  එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බව පොලිසිය කියයි.

තුවාල ලැබු ලොරි රථ රියදුරා සහ රිය සහයක  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක්  ප්‍රවාහනය කරමින් තිබියදී  මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක  පිටු පස ගැටීමෙන්  එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි  ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.  

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය වැඩි දුර විමර්ශන සිදු කරති.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved