ඉදිරියේදී එළවළු වගාවන් සියල්ල රක්ෂණය කර එමගින් ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වන්දි ලබාදීමේ ක්‍රියාදාමයට එළවළු ඇතුළත්ව නොමැති බවය.
වගා හානි සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛනය ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.
මේ අතර පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ අද දිනය අවසන් වීමට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, මේ වන විටත් නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානි ඇස්තමේන්තුගත කිරීම ආරම්භ කර ඇති බවය.
පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව රජය මීට පෙර පැවසීය.
සමස්ත වගා හානි සඳහා වන්දි ලබා දීමට රජය මේ වනවිට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,000කි.
මේ අතර පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් උඩරට එළවළු වගාබිම් රැසකට හානි සිදු විය.
ඒ තත්ත්වය තුළ මේ වනවිට වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.