Connect with us

පුවත්

ඔක්තෝබරයේ එන චීන නැවක් ගැන ඉන්දියාව සීරුවෙන්!

Published

on

චීනයේ තවත් සමුද්‍ර පර්යේෂණ නෞකාවක් ඔක්තෝබර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරාය වෙතට පැමිණෙනු ඇති බව බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.

Shi Yan 6 නම් මෙම නෞකාවට ශ්‍රී ලංකාවේ අවසර තවමත් හිමිවී නැති බව පැවසේ.

මෙම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ඉන්දියාව, මෙම කාරණය සම්බන්ධයෙන් ඉහළම මට්ටමක් දක්වා ගෙන ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම නෞකාව පැමිණෙන්නේ පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංවේදී ආරක්ෂක සහ ක්‍රමෝපාය අභිලාෂයන් සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සහතික වී ඇති පසුබිමකය.

පසුගිය වසරේ අගොස්තු මාසයේදී යුවාන් වාන්ග් 5 නැමැති චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණිමේදී ද ඉන්දියාව විසින් දැඩි ලෙස කනස්සල්ල පළ කර තිබුණි.

නැව එන්න තිබ්බෙ කොවිඩ් වසංගතයටත් පෙර?

කෙසේවෙතත්, නිවුස් ෆස්ට් වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා ඇත්තේ මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් දැනුවත් නොවන බවයි. එවැනි නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුත් වීමට පෙර ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය හරහා නාවික හමුදාව දැනුවත් කළ යුතු බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාරා ආයතනය නිවුස් ෆස්ට් වෙත පවසා ඇත්තේ මෙම නෞකාවේ පැමිණීම මෙරට රුහුණු විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් එකඟතාවක කොටසක් බවයි.

තමන්ගේම පර්යේෂණ සඳහා ජල සාම්පල ලබා ගැනීමට මෙම යාත්‍රාව හා සම්බන්ධ වන බව පවසා ඇති නාරා ආයතනයේ නිලධාරීන්, වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පර්යේෂණ කටයුතු දකුණු වෙරළ තීරයේ පමණක් සිදුකරන බවයි. මෙම නෞකාව මෙරටට ඒමට නියමිතව තිබුණේ කොවිඩ් වසංගතයටත් පෙර බවත්, එය කිහිප වතාවක්ම ප්‍රමාද වූ බවත් ඔවුන් පවසා ඇත. තවද, මෙය ඉන්දියාවට ගැටළුවක් නොවනු ඇති බව විශ්වාස කරන බවද නාරා ආයතනය වැඩිදුරටත් පවසා ඇත.

නොබැඳි ප්‍රතිපත්තියක් ; රටවලට සම අවස්ථා

මේ සම්බන්ධයෙන් ඊයේ (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්ණ නගා තිබුණි. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක – අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඉන්දියාව කනස්සල්ල පළ කිරීම පිළිබඳ වාර්තාවක් ගැන තමා දැනුවත් නැති බවත්, රජය ඒ පිළිබඳව සලකා බලනු ඇති බවත්ය.

“අපේ නොබැඳි ප්‍රතිපත්තිය යටතේ රටවල් වලට විශේෂතාවයකින් තොරව සම අවස්ථා තමයි රටක් වශයෙන් ලබා දෙන්නෙ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved