Connect with us

පුවත්

ඖෂධ හිඟ­යක් තිබි­යදී ආණ්ඩුව නිහඬ පිළි­වෙ­තක් ගෙන යනවා (වීඩියෝ)

Published

on

රටේ අත්‍ය­වශ්‍ය ඖෂධ රැසක හිඟ­යක් පව­තින බවත් ආණ්ඩුව නිහඬ පිළි­වෙ­තින් බැහැර වී කඩි­නම් විස­ඳුම් දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසයි.

ඒ මහතා මේ පැව­සුවේ විශේෂ ප්‍රකා­ශ­යක් කර­මිනි.

“නිද­හස් සෞඛ්‍ය සේවාව තුළ කාර්ය­ක්ෂම සේවා­වක් රටේ ජන­තා­වට ලබා ගැනීම මූලික අයි­ති­වා­සි­ක­මක්. මේ මොහොත වන විට අප රටේ සෞඛ්‍ය පද්ධ­තියේ බර­ප­තළ කඩා­වැ­ටී­මක් සිදුව තිබෙ­නවා. ශල්‍ය උප­ක­රණ ඇතුළු බර­ප­තළ ඖෂධ හිඟ­යක් ඇතිව තිබෙ­නවා.

පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, අධික රුධිර පීඩ­නය ඇති රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, දිය­වැ­ඩියා රෝගීන් භාවිත ඖෂධ මෙන්ම වේදනා නාශක, පිළිකා නාශක ඖෂධ සිය­ල්ල­කගේ බර­ප­තළ හිඟ­යක් ඇති බවට වාර්තා වෙනවා.

වාර්තා වන ආකා­ර­යට 180කට වැඩි ඖෂධ ප්‍රමා­ණ­යක හිඟ­යක් තිබෙ­නවා.

….මේ ඖෂධ හිඟ­යට රජ­යෙන් විස­ඳුම් ලබා නොදී ජන­තා­වගේ මේ මූලික හා මානව අයි­තිය උල්ලං­ඝ­නය කර­මින් සිටි­නවා.

කිසිදු විස­ඳු­මක් නොලැ­බෙන ප්‍රති­ප­ත්ති­යක් රජය ක්‍රියා­ත්මක කර­නවා. පාර්ලි­මේ­න්තුවේ මේ ගැන විමසූ අව­ස්ථාවේ පවා ඒවාට පවා විස­ඳුම් නැහැ.”

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි CIDයට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

Continue Reading

පුවත්

දුම්රියක ගැටී වනඅලියෙක් මරුට

Published

on

By

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ.

අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ, මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවය.

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීන් චෝදනා කරයි.

මෙම වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීහු පෙන්වා දෙති.

වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved