Connect with us

පුවත්

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක්ද?

Published

on

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබේ.

පොලීසිය සැක පළකරන්නේ සිද්ධියෙන් මියගිය 21 හැවිරිදි පුද්ගලයා ඔහුගේ බිළිඳා ද රැගෙන කෝච්චියට පැන ඇති අතර, එය වැළැක්වීමට උත්සාහ දැරීමේදී අසල්වැසි පුද්ගලයා කෝච්චියේ ගැටී ඇති බවය.

ඉන් නාගොඩ වෙනිවැල්කැටියේ පදිංචිකරුවන් වූ 21 හැවිරිදි තරුෂ අසංක ඔහුගේ අවුරුදු 01 යි මාස 10 ක් වයසැති බිළිඳා වන සනුල් මිතේෂ් සහ ඔවුන්ගේ අසල්වැසියෙකු වූ 49 රොෂාන් ජානක නමැත්තා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

මියගිය තරූෂ අසංක නමැත්තා දුම්රියට පැන සියදිවි නසාගන්නා බවට නිවැසියන්ට පවසා සිය බිළිඳු පුත්‍රයාද කැටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර ඒ බව සැලවූ ඔවුන්ගේ අසල්වැසියෙකු වන රොෂාන් ජානක නමැත්තා කඩිනමින් එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී අසංක බිළිඳා සමග දුම්රිය වේදිකාවේ රැඳී සිටිනු දැක ඔවුන් ඉවත් කිරීමට ඔහු උත්සහා ගත්තද, තිදෙනාම දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයට ඇදවැටුණු බව වාර්තා වේ.

අනතුරෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය සිදුකරන විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ, මියගිය 21 හැවිරිදි පුද්ගලයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අතර බිරිඳ මානසික ආබාධයක් සහිත තැනැත්තියක් බවය.

නිවැසියන්ගේ ප්‍රකාශ අනුව මෙය සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වන්නේයැයි පොලීසිය පවසයි.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved