Connect with us

පුවත්

කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන් ‍තොටවල් ඉන්දියාවට

Published

on

කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපොළවල් ඉන්දියාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

මෙම ගුවන් තොටුපොළවල පර්යන්ත නවීන තාක්ෂණය අනුව දියුණු කිරීමටද කටයුතු යොදා ඇතැයිද සංචාරක අමාත්‍යාංශය කියයි.

ඉකුත් වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී සංචාරකයන්ගේ පැමිණීම සියයට 106කින් වර්ධනයවී ඇති බවත්, ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 102,000 ක් මෙරටට පැමිණියද, ජනවාරි මාසයේදී ඊයේ (31 වැනිදා) දිනය වන විටදී සංචාරකයන් 201,683 දෙනකු මෙරටට පැමිණ ඇති බවත් සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට“ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙරට තරු පන්තියේ හෝටල් කාමර 15,000 ක්ද, අනෙකුත් හෝටල් කාමර 40,000 ක්ද පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වසර 2030 වන විටදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන හතරක් දක්වා ඉහළ දැමීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවසීය.

මෙරට පවතින සංචාරක කලාප 49 ඉදිරියේදී 64 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, ලංකාව ඇතුළත ගුවන් සේවා දෙකක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved