Connect with us

පුවත්

කඩු කල්ලි සාමාජිකයන් තිදෙනෙක් කඩු සමඟ කොටු වෙයි

Published

on

ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු  යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු මස 03 වනදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදු කොට පලා ගිය පිරිසක් සම්බන්ධව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණයක් අතරතුරදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න  සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රචණ්ඩක්‍රියා සඳහා භාවිතා කරනු ලැබූ තියුණු ආයුධ, යතුරුපැදි මෙන්ම මත්ද්‍රව්‍ය තොගයක්ද හමුවී තිබේ.

යාපනයේ ක්‍රියාත්මක වන කඩු කල්ලි සඳහා සෘජුවම දායකවන පිරිසක් වශයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හැඳින්විය හැකි බවටත් යාපනය කොකුවිල් ප්‍රදේශයේ  පදිංචි ඔවුන් යාපනය අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

පුවත්

“යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි”

Published

on

By

තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමිනි.

එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ.

ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න.

ඉදිරියට මේවා කරයි ද ? නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ.

යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදා ජයග්‍රහණය කරා. යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි.

ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. රට ආරක්ෂා කරන්න ඕනේ…”

Continue Reading

පුවත්

කෙහෙළිය යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. 


(පෙර පුවත 2025 මැයි 20 පෙ.ව.10.22 )

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි,

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා
රළු විය හැකිය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved