Connect with us

පුවත්

කතරගම දවස් 17ක් බාර් වහලා

Published

on

රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ලබන ජූලි මස 06වනදා සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇත.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06) දිනෙන් ආරම්භ වේ.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (ජූලි 15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

ජල ගාස්තු සූත්‍රයට කැබිනට් අනුමැතිය

Published

on

By

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-04-08 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සාකච්ඡාවට ගන්නා ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රයට සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සම සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර ඇත.

මේ අනුව සකස් කර ඇති සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

Continue Reading

පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කලේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved