Connect with us

පුවත්

කතරගම පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටුවක්

Published

on

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) උදෑසන විවෘත කිරීමට නියමිතය.

රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වැය කර ඉදි කර තිබෙන මෙම වාට්ටු සංකීර්ණය මහල් 4කින් යුක්තය.

මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර තිබේ.

එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙළ කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර ඇති බව සඳහන්ය.

එමෙන්ම දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි පරිදි ඊට අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා තිබේ.

මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.

මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.

රුහුණු කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයට පුද කළ මුදලින් සිදුකළ හැකිවූ ලොකුම පින්කම මෙය බවය.

කතරගම දේවාලය මගින් මෑත ඉතිහාසයේ බැතිමතුන්ගේ පඬුරු ආධාර මුදල් උපයෝගී කොටගෙන සිදු කළ විශේෂ සමාජ සත්කාරය මෙය වන අතර කිසිදු දේශපාලඥයෙකුගේ සහභාගිත්වයෙන් තොරව විවෘත කරනු ලබන මෙම ව්‍යපෘතියේ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාදී තිබේ.

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved