Connect with us

පුවත්

කතරගම පාද යාත්‍රාව අද සිට

Published

on

ඓතිහාසික කතරගම පුණ්‍යභූමි වන්දනා පාද යාත්‍රාව අද (20) ආරම්භ වේ.

සාම්ප්‍රදායිකවම සෑම වසරකම මෙම පාද යාත්‍රාව සඳහා බැතිමතුන් සහභාගී වන අතර යාපනයේ සිට කතරගම දක්වා 30,000කට අධික බැතිමතුන් පිරිසක් පාද යාත්‍රාවේ පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කරන ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගියදා  (18) පරිසර අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

මෙම පාද යාත්‍රාව පරිසර හිතකාමී ලෙස සිදු කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ වනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් කටයුතු කරනු ලබයි.

යාපනයේ සිට යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන සංස්කෘතික පා ගමන පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළ අතර, ප්ලාස්ටික් සහ පොලිතින්වලින් තොරව හරිත පාද යාත්‍රාවක් ලෙස මෙම වන්දනාව සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කලේය.

පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවන් හේතුවෙන් එකතු වන කැලි කසළ හේතුවෙන් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ අතර කැලි කසළ විශාල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානි සිදු වී තිබෙන බව ද මෙහිදී පැහැදිලි කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා, පාද යාත්‍රාවෙන් කුමන සහ යාල වනෝද්‍යාන තුළින් ගමන් ගන්නා බැතිමතුන් සඳහා ආරක්ෂාව සැපයීමට අවශ්‍ය කටයුතු සලසන බවත්, වනෝද්‍යාන සහ වනසතුන් රූගත කිරීම් සහ ඩ්‍රෝන භාවිතයෙන් සිදු කරන පටිගත කිරීම් සිදු කිරීමට අවකාශයක් නොමැති බවත්, පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒම සිදු නොකරන ලෙසත් අවධාරණය කලේය.

වනෝද්‍යාන සහ සතුන්ට යම් බාධාකාරී හැසිරීම් සිදු වුවහොත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණි.

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න අදත් සාකච්ඡාවක්

Published

on

By

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එක්වන සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව පුරා රටවලින් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා විශ්වීය තීරු බද්දක් පැනවීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මස 03 වනදාය. එහිදී අවම ප්‍රතිශතය 10%ක් වූ අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ප්‍රකාශයට පත්කර තිබුණි. 

ශ්‍රී ලංකාවට එහිදී පනවනු ලැබූවේ 44 %ක තීරු බද්දකි. 

මෙම නව බදු ප්‍රතිපත්තියට ලොව පුරා රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය ප්‍රකාශ කළේ මෙම බද්ද ඉවත් නොකළහොත් ඊට දැඩි ප්‍රති පියවර ගන්නා බවයි. 

එක්සත්ව ඊට ප්‍රතිවිරෝධය දක්වන බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබුණි. 

එවන් පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකා වෙළඳ නියෝජිතායතනය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරමින් මේ සඳහා සංශෝධන එකඟතාවන්ට පැමිණීමට පියවර ගනු ලැබීය. ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තු සහගතව සිටි අතර ඒ අනුව පසුගිය 12 වැනි දා ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් 30% දක්වා අඩු කරමින් නව තීරුබදු යෝජනාවක් ලිඛිතව දැනුම් දෙන ලදී. එම 30% ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට ඉන් අනතුරුව තීරණය කරනු ලැබීය. 

ඒ අනුව අද දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ නිළධාරීන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.“

Continue Reading

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved