Connect with us

පුවත්

කතාවෙන් කතක් දඬයම් කළ සුමනසාර හිමිගේ සේවය අත්හිටුවයි!

Published

on

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථිර නොකළ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ විෂමාචාර චෝදනා පිළිබඳ විධිමත් විනය පරීක්ෂණ අවසන් වනතුරු එම හිමියන්ගේ විශ්වවිද්‍යාල සේවාව අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.

රාජකාරි පැහැර හැරීම, විෂමාචාරයේ යෙදීම, විශ්වවිද්‍යාලය අපකීර්තියට පත්කිරීම, අවිනීතව හැසිරීම, තනතුර අවභාවිත කරමින් විදේශ ගතවීම මෙම ස්වාමීන් වහන්සේට එල්ල කළ චෝදනා අතර වෙයි.

එම චෝදනා අතර කඩුවෙල දිසා අධිකරණයේ 3063 ඩී යටතේ ගොනු කර ඇති දික්කසාද නඩුවේ ඇත්කඳුරේ සුමනසාර හිමියන් සම විත්තිකරුවකු ලෙස නම් කොට ඇති හෙයින් විශ්වවිද්‍යාලය අපකීර්තියට පත්කිරීමේ චෝදනාවද වෙයි.

ඒ අනුව චෝදනා එකොළහක් සම්බන්ධව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

ඇත්කඳුරේ සුමනසාර හිමියන් “සාර්ථක පවුල් ජීවිතයකට” යැයි කියමින් රූපවාහිනියේ උපදෙස් ලබාදීමේ වැඩසටහනක් සඳහා ද දායකව අයෙක් වන අතර කතාවෙන් කාන්තා ආකර්ශනය ලබා ගැනීමට දක්ෂයෙකු ලෙස උන්වහන්සේ ප්‍රකට බවද පැවසේ.

කථිකාචාර්ය හිමිනම විසින් තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ යැයි චෝදනා කරමින් එහිමිනම වැඩවෙසෙන පන්සලේ දායකයකු විසින් බිරිඳගෙන් දික්කසාදය ලබා ගැනීමටත්, සුමනසාර හිමිගෙන් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත.

තම බිරිද නිවාස දෙකක රඳවා තබා ගනිමින් මෙම හිමියන් ගත කරන ජීවිතය ගැන වීඩියෝ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු කටයුතු කර තිබේ.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved