Connect with us

පුවත්

කන්දකාඩුවලින් පැන්න 15ක් අල්ලයි; තවත් පිරිසක් කැලෑවට පැනලා

Published

on

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 50 දෙනාගෙන් 15 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් අද (11) රැඳවියන් පිරිසක් පැනගොස් තිබුණි.

පැනගිය පිරිසෙන් කොටසක් කන්දකාඩු කැලෑ ප්‍රදේශයට පැන ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් කැලෑ ප්‍රදේශය වටකර ආරක්‍ෂක වළල්ලක් යොදා ඇති බවත් හැකි ඉක්මණින් ඔවුන් අත්ඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියා සිටී.

කඳවුර තුළ ඇති වූ නොසන්සුකාරී තත්වයක් මධ්‍යයේ මෙම පිරිස පැනගොස් ඇති බව ද වාර්තා වේ.

මෙම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා ප්‍රමුඛ නිලධාරීන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට අමතරව මනම්පිටිය සහ පොළොන්න්රුව යන පොලිසිවලින් ද නිලධාරී කණ්ඩායම් ද කැඳවා ඇතැයි පැවසේ.

පැනගිය රැදවියන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ද එක්ව සිටින බව පොලිසිය සදඟන් කළේය.

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved