Connect with us

පුවත්

කන්දකාඩු හමුදා ගොවිපොළට පැන්න අලියා මරා; සිරුර වළලලා

Published

on

පොළොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපොළ භූමියට අයත් ප්‍රදේශයේ මීට දින දෙකකට පමණ ඉහතදී වෙඩි තබා හෝ විදුලි සැරවද්දවා මියගිය පසු එම අලියා වළදමා කොළ අතුවලින් වසා දමා ඇති බව සෝමාවතිය වනජීවී නිලධාරින් සඳහන් කරයි.

එම අලියාගේ සිරුරේ කොටසක් වළදමා, ඉතිරි කොටස පස්වලින් වසා ඊට උඩින් මයිල කොළ අතුවලින් වසා ඇතැයි සෝමාවතිය අඩවි සහකාර සී.ඒ. වනසිංහ මහතා මාධ්‍යට හෙළිකර ඇත.

පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව එම වන අලියා මරා වළදමා ඇති ස්ථානය පස් වැනිදා උදෑසන සොයා ගැනීමට හැකි වූ බවද වනසිංහ මහතා හෙළිකර තිබේ.

වන අලියා වෙඩි තබා හෝ විදුලි සැරවද්දවා මරන්නට ඇති බවට සැකකරන අතර පසුව පරීක්ෂණ කටයුතු වසන් කිරීමට මෙම අලියා විශාල වළක් හාරා වළදමා ඊට උඩින් මයිල කොළ, ඉති හා වෙනත් ශාක අතු සහ විවිධ කොළවලින් වසා දමා ඇති බවද පරීක්ෂණ පවත්වන සෝමාවතිය වනජීවී නිලධාරින් සඳහන් කරයි.

මේ පිළිබඳ 05 වැනිදා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වන අලියාගේ සිරුර ගොඩගෙන ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද වනසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved