Connect with us

පුවත්

කඳුකර කොටින්ගෙන් වතු කම්කරුවන්ට තර්ජන

Published

on

වටවල ෂැනන් වතුයායේ සැරිසරන කඳුකර කොටියන් සිව්දෙනෙකු හේතුවෙන් එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ජිවිත දැඩි අවධානමකට ලක්ව තිබේ.

වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පවසන්නේ තේ වත්තේ සැරිසරන එම කඳුකර කොටියන් පසුගිය සතිය තුල පමණක් වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් දස දෙනෙකු පමණ ගොදුරු කරගෙන ඇති බවය.

එමෙන්ම, සුනඛයන් ගොදුරු කරගෙන තේ වත්තට රැගෙන ගොස් සුනඛයාගේ හිස පමණක් ඉතුරු කර ඉතිරි කොටස කා දමන බවද වතු අධිකාරිවරයා කියා පවසා තිබේ.

තම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ ඇඹරීම් කටයුතු සිදු කිරීම රාත්‍රි කාලයේ සිදු කරන බවත්, වතු නිවාස වල සිට වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාව වෙත තේ වත්ත හරහා පැමිණීමේදී එම සේවකයින්ට කඳුකර කොටියන් මුහුණට මුහුණ හමුවන නිසා එයට බිය වී වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාවේ දෛනික වැඩකටයුතු වලට පැමිණිමෙන් වැළකී සිටින බවද වතු අධිකාරිවරයා සඳහන් කරයි.

එමෙන්ම වන සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් වතු කම්කරුවන් අටවනු ලබන කම්බි උගුල්වලට මෙම කඳුකර කොටියන් හසුවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් වත්තේ සැරිසරන කඳුකර කොටියන් අසල රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරින්ගෙන් වතු අධිකාරිවරයා ඉල්ලා සිටියි.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved