Connect with us

පුවත්

කඳුකර කොටියෙක් මරා හිස සහ පාද හතර කපාගෙන ගිහින්

Published

on

මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසයි.

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළදු කැළැවක මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන් පොලිසියට ඊයේ (18) දැනුම් දි තිබුණි.

ඒ් අනුව පොලිස් නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබේ.

හැටන් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කොටියාගේ සිරුර සොයාගත් අවස්ථාවේ කොටියාගේ හිස සහ පාද හතර දඩයම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බව වනජිවි නිලධාරින් පවසයි.

වනජිවි නිලධාරින් පැවසුවේ මෙසේ ඝාතනය කර ඇත්තේ අවු 10 ක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියෙකු බවය.

කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ සදහා රණ්දෙණිගල වනජිවි පශුවෛද්‍ය රෝහල වෙත යොමු කරන බවත් වනජිවි නිලධාරින් සඳහන් කලහ.

පුවත්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඩිජිටල් වෙනසක්

Published

on

By

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවිය.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබේ.

ඒ අනුව වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය, ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය, විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධිතය) යන අංශ පහ මීට ඇතුළත් වනු ඇත.

අමාත්‍යංශය පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීම අරමුණු වන බවය. 

Continue Reading

පුවත්

දුඹුරු සීනි මිල පහළට

Published

on

By

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට තීරණය කර ඇත.

එම මිල ගණන් පහත පරිදි වේ.

Continue Reading

පුවත්

සංචාරකයින්ට විල්පත්තුව වැසෙයි

Published

on

By

මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවි ඒකකය සදහන් කරයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ආකාරයක් දක්නට ලැබේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බව වනජීවි නිළධාරින් දැනුම් දෙයි.

ඒ අනුව දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බව ඔවුන් පවසා සිටියි.

ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැදින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙන බව සඳහන්ය.

නමුත් මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිව යාම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක්ද දැඩි ලෙස පීඩාවට ලක්ව ඇත.

මෙම උද්‍යානය නැරඹීම සදහා පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකුගෙන් ඇමරිකන් ඩොලර් 25 සහ එයට අදාල බදු වශයෙන් තවත් ඩොලර් 10ක මුදලක් ලබා ගැනීම සිදු කරන අතර, මේ හේතුව නිසාවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් පොම්ප කරන ස්ථානයක් බවට උද්‍යානය පත්ව තිබෙන බව පැවසේ.

කලා ඔයේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල උද්‍යාන ආදායම පාඩු ලබමින් තිබෙන බව වන ජීවි නිළධාරින් පෙන්වා දෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved