Connect with us

පුවත්

කප්පම් ගත් පොලිසියේ 4ක් අත්අඩංගුවට

Published

on

කප්පම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 04ක් මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනකු, සැරයන්වරයකු සහ උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකි.

කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට තර්ජනය කර රුපියල් ලක්ෂ 14ක මුදලක් කප්පම් ගැනීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පුවත්

වැඩි මිලට බඩු විකුණූ ගෝල්ෆේස් කඩහිමියන්ට නඩු

Published

on

By

වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ ගාලුමුවදොර වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය විසින් පසුගිය දා ගාලුමුවදොර පිටියේ ජංගම අලෙවිසැල් සහ අනෙකුත් වෙළෙඳසැල්වල විශේෂ වැටලීමක් සිදුකරන ලදී.

එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ වෙළෙඳුන්ට මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් වලට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

ඇමති නිල නිවාස ගැන සොයන්න පත්කළ කමිටු වාර්තාව බාරදෙයි

Published

on

By

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට සොයා බලා වාර්තාවක් සැපයීම සඳහා සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරන ලදී.

Continue Reading

පුවත්

යුරෝපයට පනින්න ලංකාවේ සිටි බංගලියෝ

Published

on

By

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන අතර ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved