Connect with us

පුවත්

කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බැහැ

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවැසුවේය.

සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බව මෝසම විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල විය.

(ලංකාදීප )

පුවත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක්

Published

on

By

තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට දේශය පුවත්පතේ පළවූ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ, එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි.

එම සටහන පහතින්,

Continue Reading

පුවත්

ගුවන්තොටුපල සතු අලුත් කැබ් 5ක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට සේවක විරෝධය

Published

on

By

ගුවන්තොටුපළ සාමාගම සතු නවීන කැබ් රථ පහක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගෙන ඒ  වෙනුවට අමාත්‍යංශය සතුව ඇති පරණ කැබ් රථ පහක් ලබා දීමට ගෙන ඇති තීරණයට එහි සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මහා මාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට යන්නේ WP PI 3785, 3797, WP PJ 2241, 2231, 2229 කැබ් රථ පහයි.

ගුවන් තොටුපළ සමාගමේ නිළධාරින් පෙන්වාදෙන්නේ රටපුරා ඇති ගුවන් තොටුපළවලට රාජකාරි කටයුතු සදහා යොදා ගත් වාහන මෙසේ අමාත්‍යංශයට ලබා ගැනීමෙන් රාජකාරි සදහා යන ගමන් වලට බාධා සිදුවන බවයි.

මත්තල, මඩකළපුව, යාපනය ආදි පිහිටි ගුවන් තොටුපළවල රාජකාරි සදහා මෙම වාහන නිලදාරින් විසින් භාවිතා කර ඇති බවද පැවසේ.

මෙසේ පවරා ගන්නා වාහන වාහන නොමැත් මැති ඇතිවරුන්ට ලබා දිමට සැලසුම් කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

Continue Reading

පුවත්

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

Published

on

By

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved