Connect with us

පුවත්

කමිටු කාමරේ කොට්ට මෙට්ට කතාව බොරු – පාර්ලිමේන්තු මහ ලේකම්

Published

on

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට මේ වන විටත් විමර්ෂණ සිදු කෙරෙමින් පවතින බවද මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කළාය.

මේ වන විට අදාල කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කොට ඇති අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ලබා දී ඇත.

එකී කරුණු සම්බන්ධව අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙතද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මේ වන විට අදාළ කමිටු විමර්ෂණ අපක්ෂපාතීව සිදු කෙරෙමින් පවතින අතර කිසියම් නිලධාරියෙකුට එරෙහි චෝදනාවක් තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරිය අවධාරණය කළාය.

සබැඳි පුවත් :

පාර්ලිමේන්තු කමිටු කාමරයෙන් කොට්ට මෙට්ට මතුවෙලා!

පුවත්

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක්වේ

Published

on

By

කොළඹ සිට ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු 10 දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස අතර  කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්ය.

Continue Reading

පුවත්

දන්සල් 8 ක් අත්හිටුවයි

Published

on

By

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.

වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.

අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved