Connect with us

පුවත්

කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට අවබෝධතා ගිවිසුමක්

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා ධිරෙණි සෙනෙවිරත්න මහත්මිය ඉන්දීය රජයේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 290ක ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට 2024 දෙසැම්බර් 16දා අත්සන් තැබූහ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සීමාසහිත සී නෝර් පදනම යටතේ පවතින කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම ව්‍යාපෘතිය සිවිල් කටයුතු සහ යන්ත්‍රෝපකරණ, උපකරණ, අමුද්‍රව්‍ය සහ සේවා යනාදිය මිලදී ගැනීම ආවරණය කරනු ඇත. 

සම්පූර්ණයෙන්ම මෙහෙයුම් කටයුතු ඇරඹූ පසු ප්‍රතිසංස්කරණය කළ බෝට්ටු අංගනය දේශීය ධීවරයන් සඳහා ජීවනෝපාය අවස්ථාවන් ඉහළ නංවනු ඇති අතර බෝට්ටු අංගනය ආශ්‍රිතව ඉදිවන කුඩා පරිමාණ ව්‍යාපාර හේතුවෙන් විවිධ රැකියා අවස්ථාවන් ද නිර්මාණය කරනු ඇත.
ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන සහයෝගීතා කළඹ ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික අතර ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම සිටින ජනතාවගේ දෛනික ජීවිතයට සැලකිය යුතු ධනාත්මක වෙනසක් ඇති කරයි. නිවාස 41,000කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීම සහ නවීකරණය කිරීම, සංහිඳියා ව්‍යාපෘතියක් වශයෙන් යාපනයේ අති නවීන සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදි කිරීම, කන්කසන්තුරය වරායේ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම, යාපනයේ විවිධ පාසල් සහ රෝහල් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම, තිරුකෙටීස්වරම් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ප්‍රජාව සඳහා විශාල වශයෙන් සහයෝගය ලබාදීම සහ බෝට්ටු, දැල් ආම්පන්න, මෝටර්, අධි ශීතකරණ යනාදිය ලබාදෙමින් ධීවර ප්‍රජාවට සහයෝගය ලබා දීම උතුරු පළාත තුළ ක්‍රියාත්මක කරන ලද අනෙකුත් ප්‍රධාන ව්‍යාපෘතීන් අතරින් කිහිපයකි.

පුවත්

දුම්රිය වර්ජනය කල් යයි (UPDATE)

Published

on

By

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.7.30 )

දුම්රිය නියාමකවරු අද රෑට වැඩ වර්ජනයක් අරඹයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

Published

on

By

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇත්තේ පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බවය.

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වේ.

ලිපිනය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක – +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

Continue Reading

පුවත්

කුරුණෑගල ඉඩම් වංචාව පිටුපස හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රත්නසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කුරුණෑගල අක්කර 1,000ක ඉඩම් ගනුදෙනුවකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක මහත්මිය සම්බන්ධ වී ඇති බවයි.

මෙම ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බදු පදනම මත ලබාගෙන ඇති අතර, එය ඇපකරයක් ලෙස යොදාගෙන ලංකාපුත්‍ර බැංකුවෙන් ණයක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ කෙසේ වෙතත්, එම ණය මුදල පැහැර හැර ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයට පෙර සිටි තවත් හිටපු ජනාධිපතිවරයෙකු මාසික බදු මුදල අඩු කිරීමට සහ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සම්බන්ධ වී ඇති බවය.  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved