Connect with us

පුවත්

කහබත් මල්ලීට නාමයෝජනා නැතිවුණේ බක පණ්ඩිතකම නිසයි

Published

on

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු ලෙස හා “කහබත් මල්ලී” ලෙස සමාජගතව සිටින අශේන් සේනාරත්න මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ මැතිවරණ කොමිසමේ උපදෙස් පත්‍රිකාවට අනුව කටයුතු නොකිරීම නිසාය.

අදාළ උපදෙස් පත්‍රිකාවේ දැක්වෙන්නේ ස්වාධින කණ්ඩයමක් නාම යෝජනා බාර දීම කල යුත්තේ කණ්ඩයම් නායක විසින් බවයි.

නාම යෝජනා පත්‍රයේ මුලින්ම ලියන නම කණ්ඩයම් නායකයා බවද එහි දැක්වේ. 

එම තැනැත්තා විසින් නාම යෝජනා පත්‍රය මැතිවරණ තේරුම් භාර නිලධාරියා වෙත නිල වශයෙන් ලබා දිය යුතු බවද උපදෙස් පත්‍රිකාවේ දක්වා තිබේ.

එසේ නොවන අවස්ථාවක නාම යෝජනා ප්‍රතික්ෂේප වේ. 

මෙහිදී ද සිදු ඇත්තේ එයයි.

තේරීම්භාර නිලධාරියා විසින් අශේන් නායකත්වය දැරූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වෙනත් පුද්ගලකු විසින් ඉදිරිපත් කිරීම නිසාය.

එසේ නාම යෝජනා බාරදීමට පැමිණි පුද්ගලයා අශේන් විසින් බලය ලත් පුද්ගලයකු ලෙස ඔහුගේ අවසරයක් ද ලබා දී නොතිබුණු අයෙක් බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ඔහුගේ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප කළ මැතිවරණ කොමිසම අභියෝගයට ලක් නොකොට රටේ ජනාධිපති අනුර කුමාර මහතාට දොස් නගමින් අශේන් සිදු කරන්නේ හුදු ප්‍රචාරණ කටයුත්තක් බවත්, ඔහු මැතිවරණ කොමිසමට යම් හෙයකින් අභියෝග කළ හොත් මැතිවරණ කොමිසමේ රාජකාරිවලට බාධාකිරීම යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් ඇතැයි ද සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් මහතා පෙන්වා දෙයි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved