Connect with us

පුවත්

කළුවා මෝදර චීන්නු ඇල්ලුවේ චීන පොලිසියෙන් !

Published

on

චීනයට අවශ්‍යවම සිටි රතුවරෙන්තුකාර චීන ජාතිකයින් තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 39 දෙනා අල්ලා ගැනීමට රැඳී සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගෙන වැටලීම සංවිධානය කර ඇත්තේ චීන තානාපති කාර්යාලය හරහා චීන පොලිසිය විසින් බව වාර්තා වේ.

මේ වැටලීමට චීන තානාපති කාර්යාලය සමඟ ජාත්‍යන්තර පොලිසියේ චීන පොලිසියට සම්බන්ධ පිරිසකුත් පැමිණ ඇති බව රජයේ දිනමිණ පුවත්පත වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයන් 33 දෙනකු, කාන්තාවන් 5 දෙනකු සහ කුඩා දරුවකුද සිටින බව පොලිසිය කියයි. 

මේ අයගෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති චීන ජාතිකයන් 03 තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 06 දෙනකු චීන තානාපති කාර්යාලය හා පැමිණි නිලධාරීන්ගේ දැඩි අධික්ෂණයටත් ප්‍රශ්න කිරීමටත් ලක්ව ඇතැයි පැවසේ.

ඒ අය චීන තානාපති කාර්යාලය භාරයට පත් කිරීමට අවශ්‍ය පියවරද ඊයේ (01) වන විට ගනිමින් සිටි බවද පැවසේ.

චීනයේ සිදු වූ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව සඳහන්ය. 

මේ අයගෙන් 6 දෙනකු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් බලහත්කාරයෙන් මෙරට රඳවාගෙන සිටි බවයි. 

කෙසේවුවද, චීන තානාපති කාර්යාලය සිය භාරයට ගැනීමට කටයුතු කරන 9 දෙනා අතර එසේ චීන ජාතිකයින් 6ක් රඳවාගෙන සිටි අයද සිටින බව පැවසේ.

මේ චීන ජාතිකයන් 39 දෙනා මාස 6ක පමණ කාලයක් මෙරට රැඳී සිට ඇති බව සඳහන්ය. 

සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ ඇති ඔවුන් මෙම නවැතැන් පොළේ මෙතෙක් කාලයක් රැඳී සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 

මෙම චීන ජාතිකයන් සංවිධානාත්මකව මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ලැප්ටොප් සහ ජංගම දුරකතන දෙමින් ඒ ඔස්සේ අන්තර්ජාල අපරාධවල යොදවා ඇති බව පෙනී යන්නේ යැයිද එම නිලධාරියා පැවසීය. 

මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේද චීන ජාතිකයන් පිරිසක් බවද චීන තානාපති කාර්යාලයට ලැබී ඇති තොරතුරුවල සඳහන් වන බවද වාර්තා වේ.

අන්තර් ජාල අපරාධ සඳහා යොදාගත්තේ යැයි කියැවෙන මෙම චීන ජාතිකයන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 40ක් සහ ජංගම දුරකතන 120ක් සහ තවත් තාක්ෂණික උපාංග රැසක් සොයා ගැනීමටද පොලිසිය සමත්ව ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව විදෙස් ගමන් බලපත්‍ර පවා තිබී නොමැත.

ඒවා මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු විසින් ඔහු සන්තකයේ තබාගෙන සිටින බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.

මේ පිරිස අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට පත්ව තිබිණි.
මූලාශ්‍රය – දිනමිණ
සබැඳි පුවත්

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39ක් මාට්ටු

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved