ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.
මේ වනවිට දේහය අවසන් ගෞරව සදහා තැන්පත් කර තිබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ, ඒ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා ඇති බවය.
ඒ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ සිරුර අවසන් ගෞරව සඳහා එම පෞද්ගලික මල් ශාලාවේ නොතබන ලෙස ලැබුණ නිර්නාමික දුරකතන ඇමතුමක් හේතුවෙනි.
ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා පසුගිය සඳුදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණේ අතුරුගිරිය ප්රදේශයේදීයි.
නයන වාසුල විජේසුරිය නැමැත්තා ද වෙඩි වැදිමෙන් ජිවිතක්ෂයට පත් විය.
සිද්ධියෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ.සුජිවා මහත්මිය ඇතුළු තවත් හතරදෙනෙකු තුවාල ලැබීය.
මේ අතර, අපරාධ සිදුවීම්වලට අදාළ අභ්‍යන්තර තොරතුරු ජනමාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාදීම හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා ඇති වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කලේය.