Connect with us

පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට(Update)

Published

on

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු  එම වෙඩික්කරුට සංවිධානාත්මක අපරාධකරු  කන්ජිපාණී ඉම්රාන්ගේ ඉල්ලීම මත දින 25ක කාලයක් සිය නිවසේ නවාතැන් ලබා දී ඇති බවට අනාවරණය වී තිබේ.

මේ අතර, ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.


(පෙර පුවත 2024 අගෝස්තු 29, පෙ.ව.7:42)

‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී තිබේ.

පුවත්

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා ඇපපිට නිදහස්

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.

ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

Continue Reading

පුවත්

සලෝචන යළි රිමාන්ඩ්

Published

on

By

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය සිදු කළාය.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading

පුවත්

ලිංගික හිංසන සිද්ධියට වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් පහ කෙරේ

Published

on

By

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා සිටියේ, අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ‍පසුගියදා (09) අනුමැතිය ලබාදී තිබේ. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved