Connect with us

පුවත්

කාඩ් නැතිව රියදුරු බලපත් ලක්ෂ නවයක් DMTයේ ගොඩ ගැහිලා

Published

on

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කිරීම සඳහා ගොඩ ගැසී ඇති රියැදුරු බලපත් ප්‍රමාණය ලක්ෂ නවය ඉක්මවා ඇති බව වාර්තා වේ.

කාඩ්පත් හිඟය හා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මීට වසරකට පෙර රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට කාඩ්පත් ගෙන්විය නොහැකි වූ නමුත් පසුව කාඩ්පත් ලක්ෂ 10 ක් ඔස්ට්‍රියාවෙන් ආනයනය කිරීමට පියවර ගැනිණි.

සුහුරු චීපය(Smart Chip) සහිත කාඩ්පත් ලක්ෂ පහක් සහ කිව් ආර් කේතාංකය සහිත කාඩ්පත් ලක්ෂ පහක් වශයෙන් අදාළ කාඩ්පත් ගෙන්වනු ලැබීය.

නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ යන්ත්‍ර දෙකක් පමණක් යෝග්‍ය තත්ත්වයේ පැවතීම නිසා දිනකට මුද්‍රණය කළ හැකි කාඩ්පත් ගණන දෙදහසකි.

මේ වනවිට චීපය සහිත කාඩ්පත් ලක්ෂ පහම මුද්‍රණය කර අවසන් බැවින් කිව් ආර් කේතාංකය සහිත කාඩ්පත් මුද්‍රණය කිරීම පෙරේදා (16 වැනිදා) සිට ආරම්භ විය.

කෙසේවෙතත් තවත් මුද්‍රණ යන්ත්‍ර තුනක් මේ මාසයේදී ලැබීමට නියමිත හෙයින් දිනකට රියැදුරු බලපත්‍ර හයදහසත් හත්දහසත් අතර සංඛ්‍යාවක් ලබන මාසයේ සිට මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේය.

මේ අනුව දැනට ගොඩ ගැසී ඇති සියලුම ඉල්ලුම්කරුවන්ගේ රියදුරු බලපත් මාස හයකින් ලබාදීමට බලාපොරොත්තු වන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම දැනට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කර සිටින අයගේ බලපත්‍ර කල් ඉකුත් වී ඇත්නම් හෝ රිය බලපත් කාඩ්පත මෙතෙක් හමුවී නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලවලින් ඒවායේ කාලය දීර්ඝ කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved