සිය මිත්තණිය සමඟ කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.
මෙම සිසුවා ඊයේ (16) සවස තුනට පමණ කැලණි ගඟේ වැලිවිට තොටුපළට දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ වැලිවිට ශාන්ත මරියා විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දිස්න ප්‍රමෝද පෙරේරා (10) නමැති සිසුවායි.
ඔහු වැලිවිට ප්‍රදේශයේම පදිංචි අෙයකි.
දිය නෑමට දියට බැසීමේදී එක්වරම කිඹුලා දරුවාව කටින් ගෙන ගඟ මැදට පිහිනා ගොස් ඇත.
මිත්තනියගේ කෑ ගැසීම නිසා අසල්වාසීන් තොටුපළට එක්රොක් වූ අතර, කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.
කිඹුලා කිහිප වරක්ම දරුවා කටින් ගෙන දිය යට ගොස් නැවත දිය මතුපිටට පැමිණෙමින් සිට ඇත. පසුව එක්වරම දිය යටට පිහිනා ගොස් තිබේ.
ඉන්පසු පොලිසිය නාවික හමුදා සහාය ද ඇතිව බෝට්ටුවක් ආධාරයෙන් කිඹුලා සෙවීම සඳහා මෙහෙයුමක් ඇරඹීය.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ ඒ අතරතුර කිඹුලා එක් වරක් නැවත දිය මතුපිටට පැමිණි අතර, ඒ වන විට දරුවා දැක ගැනීමට නොහැකි වූ බවයි.
කැලණි ගඟේ කිඹුල් ගහනය වැඩි වීමත් සමඟ බොහෝ පිරිස් ගඟේ දිය නෑම නතර කොට ඇතැත් ඇතැම් පිරිස් සුපුරුදු පරිදි දිය නෑම කළද කිසිවෙකුත් මීට පෙර මෙලෙස කිඹුලන් විසින් ඩැහැගෙන නොමැති බව හිටපු නාගරික මන්ත්‍රී ධනවංශ උහන්ඕවිට මහතා පැවසීය.
දරුවාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් දිගටම සිදු වෙමින් පවතී.
මූලාශ්‍රය – දිනමිණ