Connect with us

පුවත්

කිරි පිටි ආනයනය ලබන වසරේ නතර කෙරේ!

Published

on

ලබන (2024) වසර වන විට කිරි පිටි ආනයනය නතර කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

මෙරට දැනට නැවුම් කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට හතළිස් දෙකක් (42%) ක් බවට පශු සම්පත් අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

රටේ කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරි පිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය කරන බව ද කිරි කර්මාන්තය නංවාලීම මගින් රට තුළම රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බව ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටී.

මේ අතර, වෙළෙඳපොළේ වාර්ෂික කිරි ඉල්ලුම සපුරාලීමට කිරි ලීටර් මිලයන හත්සිය පනහක් අවශ්‍ය බව කෘෂිකර්ම අංශ සඳහන් කරයි.

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved