Connect with us

පුවත්

කීර්තිමත් රාජතාන්ත්‍රික ජයන්ත ධනපාල අභවප්‍රාප්ත වෙයි!

Published

on

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ ජයන්ත ධනපාල මහතා අද (27) අභාවප්‍රාප්ත වී විය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ධනපාල මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

ඔහු 1995 සිට 1994 දක්වා කාලයේ දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු 1984 සිට 1987 දක්වා කාලය තුළ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 1998 සිට 2003 දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුදකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.

ජයන්ත ධනපාල මහතා 1998 – 2003 අතර කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධ කරණ පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය .

එපමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස රටවල් ගණනාවක සේවය කළේය.

පුවත්

මාස 06ට ඩෙංගු රෝගීන් 26,000 ඉක්මවයි – ජීවිත 14ක් බිලිගනී

Published

on

By

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 14ක් සහ ඩෙංගු රෝගීන් 26,775 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය විසින් මේ බව සඳහන් කරන ලදී.

මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

“ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775ක් සහ ඩෙංගු මරණ 14ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා….”

“…දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

Continue Reading

පුවත්

“ඉන්ධන සංචිතය ප්‍රමාණවත්; බොරු පෝලිම් එපා”

Published

on

By

ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

එබැවින් තෙල් හිඟයක් ඇති වෙතැයි පාරිභෝගික ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගෙන ඉන්ධන තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

“රට තුළ මේ වන විට එළැඹෙන අගෝස්තු මාසය වන තෙක් අවශ්‍ය තෙල් තොග පවතින බැවින් හා සැපයුම්කරුවන් මගින් ඇණවුම් කළ ඉන්ධන තොග ලැබෙමින් පවතිනවා. දැනට ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කර තිබෙන සැපයුම් හරහා විශේෂයෙන් ප්‍රසම්පාදන කටයුතු සඳහා දැනට ගිවිසුම් අස්සන් කර තියෙන්නෙ. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන සැපයීමේ අපහසුතාවක් හෝ අඩාල වීමක් ගැන අප වෙත දැනුම් දීමක් නැහැ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෙසැම්බර් දක්වා පිරිපහදුවට බොර තෙල් තිබෙනවා. වගකිව යුතු රජයක් හැටියට පූර්ව සූදානමක ඉන්නේ. එමෙන් ම අප රටට බොර තෙල් හා පිරිපහදු කරන ලද ඉන්ධන වැඩීම ප්‍රමාණයක් 95% ක් පමණ වන්නේ යුදමය කලාපයෙන් බැහැර සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි පරිබාහිර කලාපයේ රටවලින්.

ඉන්ධන සම්බන්ධයෙන් සැපයුම්කරුවන් විසින් ඉන්ධන සැපයීමේ බාධාවක් තිබෙන බවට දැනුම් දීමක් කර නැහැ. එම නිසා කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බව ආණ්ඩුවක් හැටියට වගකීමෙන් ප්‍රකාශ කරනවා. එම නිසා අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින්න. ඛනිජ තෙල් සංස්ථාට අමතරව සයිනොපෙක්, අයි. ඕ. සී., ෂෙල් සැපයුම්කරුවන් සතුව අවශ්‍ය තොග පවතිනවා.

අනවශ්‍ය තොග රැස් කිරීමක් ඇති කිරීමෙන් කළමනාකරණයේ අවුල් වීමක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බුලි හා බැරල්වලට ඉන්ධන ලබාදීම තහනම් කර ඇති බවත් ඊට පටහැනිව කටයුතු කළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් “

Continue Reading

පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

Published

on

By

සචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

එහි මුලික සාකච්ඡාවක් ඊයේ (18) ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂයේ දී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක් තුළ වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන පරිදි සේවා සැපයීම යන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතය.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.  

මීට අමතරව මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ද මෙම වැඩසටහන මගින් සැලසුම් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved