Connect with us

පුවත්

කුකුලා තනියෙන් යළි මැතිවරණයට

Published

on

පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා කියයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතන වලට තරග කරන අපෙක්ෂකයන් සමග (05) දින කොළඹදි පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම එකගතාවයට පැමිණි බව කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

කුකුලා ලාංජනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවු බවත්, පළාත් පාලන මැතිවරණයේදි කුකුලා ලංජනයෙන් තරග කිරීමෙන් තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත්, කුකුලා ලංජනයෙන් තරග කිරිම තුලින් පළාත් පාලන මැතිවරණයේදි තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂ වලට ජන්ද ලැබිමේ ප්‍රතිශතයක් අඩුවන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටින්නේ.

රටේ පවතින ආර්ථික අර්බුධයත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වි මැතිවරණයට ඉදිරිපත් විම  තුලින් තම පක්ෂයට අවාසියක් සිදු වන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් කරන අපෙක්ෂකයන් තොරාපත් කර ගැනිමට , මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා කමිටු පත් කල බවද කනපති කනගරාජ් මහතා පැවසිය.

(ලංකාදීප)

පුවත්

සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා

Published

on

By

සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද එය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවේ හදිස්සියේ ජනපතිවරයා මහනුවරට ගොස් තිබුණේ මේ සඳහා බවද පැවසේ.

සිරි දළදා වන්දනාව සිදු කරණ අවස්ථාවේ එය දීර්ඝ කිරීමට තීන්දු කිරීමට නම් මහ නාහිමිවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දියවඩන නිලමේවරයා සිටීම අවශ්‍ය බවද පැවසේ.
අදාළ පාර්ශවල අකැමැත්ත පරිදි සිරි දළදා වන්දනාව නියමිත පරිදි අවසන් කළ බව නෙත් 

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

මැයි පෙළපාළි ගැන විශේෂ නිවේදනයක්

Published

on

By

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවය.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු අවශ්‍ය විටකදී රථවාහන පොලිස් නිලධාරින්ගෙන් සහාය ලබාගත හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Continue Reading

පුවත්

අදත් මි.මී 100ක තද වැසි

Published

on

By

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved