Connect with us

පුවත්

කුඩ්ඩන්ට පෙනී සිටින නීතීඥයාගේ පුතා කුඩු විකුණුලා මාට්ටු වෙයි!

Published

on

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී මත් මුද්දර එකොළහක් සමග අත්අඩංගුවට ගත් සැකකාර රේගු පරීක්ෂකවරයකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රධාන සැකකරු බව කියන රේගු පරීක්ෂකවරයා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 210, කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 160ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ පියා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක්කටා, කැවුමා, මාකඳුරේ මධුෂ් නමැත්තන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥයකු බවද විමර්ශන කණ්ඩායම් පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් දෙදෙනා නිදහස් කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාදීමටද සැකකරුවන්ගේ පාර්ශ්වය යෝජනා කර ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියකු මාධ්‍යට පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Published

on

By

මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය.

රුපියල්  බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.  

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි මුදල අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියාව පවතී.

Continue Reading

පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

Published

on

By

ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අත්සන් තබන ලදී.

මෙම  ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල  ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි  ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නාවූද ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නාවූද පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි. මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.

ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙයින් අවධාරණය කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ වෙළඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතරම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද මෙම ගිවිසුමෙන්  අවධාරණය කෙරේ.

එසේම මෙම ගිවිසුම ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත් එනයින් ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාව ශක්තිමත් කරමින් තිරසාර ආයෝජන සඳහා සහාය වීමටත් දෙරට අතර වෙළඳ හා මූල්‍ය හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීමටත් මෙය ඉවහල් වනු ඇත.

Continue Reading

පුවත්

ආදරවන්තයිගේ දිනය වෙනුවෙන් පොලීසියෙන් පණිවිඩයක්

Published

on

By

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් දැන්වීමක් පළකර ඇත.

එහි සඳහන්ව ඇත්තේ “ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න.” යනුවෙනි.

එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ සඳහන් වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved