Connect with us

පුවත්

කුඩු අංජුව ගේන සාකච්ඡාව සාර්ථකයි!

Published

on

ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින  සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු  රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීමකින් මෙරටට ලබා දීමට ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපති හා එරට බලධාරීන් අතර ඊයේ (02) ප්‍රංශයේ දී පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී ඇත්තේ උදර්පන නීතිය යටතේ ශ්‍රී ලාංකිකයන් මෙරටට ලබාදීමට ප්‍රංශ රජය හා එකඟතා ගිවිසුමක් නැතත් වෙනත් ක්‍රමවේදයක් යටතේ එය ක්‍රියාත්මක කිරීමටය.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැවරීමට උපදෙස් දී ඇතැයි ද පැවසේ.

මේ අනුව විදෙස් කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරි පියවර ගන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

දින තිහක් ඇතුළත ප්‍රංශ රජය වෙත කුඩු අංජු මෙරටට භාරගැනීම සඳහා අවසන් වාර්තාව ලබාදිය යුතුය.

ගල්කිස්ස පොලිසිය මගින් ලබාදෙන සාක්ෂි සම්පිණ්ඩනය කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසන් වාර්තාව සකස් කළ යුතුය.

ඉන් පසුව කුඩු අංජු මෙරටට උදර්පනය කරන්නැයි ඉල්ලා උදර්පන පනතේ බලධාරියා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අත්සනින් ප්‍රංශ රජයට අවසන් වාර්තාව යැවිය යුතුය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ආයෝජන මණ්ඩල සේවකයෝ පාරට බසිති

Published

on

By

‘ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (21) දහවල් 12.00 ට පමණ මහබැංකුව ආසන්නයේ ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ආයෝජන මණ්ඩල සේවකයින් මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වනු ලැබේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved