Connect with us

පුවත්

කුඩු අංජුගේ කැරැට්ටුව CIDයට !

Published

on

ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සින්හාරගේ ගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු ගේ අපරාධ සම්බන්ධයෙන් වූ අපරාධ වාර්තා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා ‌වේ. 

 එම වාර්තා කැඳවා ඇත්තේ කුඩු අංජු මෙරට  සිටි කාලය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් වූ තොරතුරු වාර්තා එරටට ඉදිරිපත් කර ඔහුව මෙරටට රැගෙන ඒමට  අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහාය.

අංජු 2007 වසරේ  සිට 2016 දක්වා මෙරට රැඳී සිටියදී සිදුකළ බව කියන මිනිස් ඝාතනයක් ,කොල්ලකෑමක් සහ බෝම්බයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මේවන විට තොතුරු ඉදිරිපත්ව ඇති බව පැවසේ.

එසේම, ඔහු විදේශගත වූ පසු  ඔහුගේ උපදෙස් මත ඔහුගේ ගෝලයන් විසින් සිදු කළ බව කියන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතාගේ ඝාතනය ඇතුළු ඝාතන අටක වාර්තා ඇතුලත් තොරතුරු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුව ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් අගුලාන, පිලියන්දල, දෙහිවල සහ ගල්කිස්ස පොලිස් වසම් වල දී එම අපරාධ සිදුකර ඇති අතර ඔහු සම්බන්ධ බවට අනාවරණය කරගත නොහැකි අපරාධ ගණනාවක් ද වන බව වාර්තා වේ.

ඊට අමතරව  මීට වසර කීපයකට ඉහත දී පොලිස් වෙඩි පහරින් මිය ගිය  රොහා  නමැති අපරාධකරු ට බන්ධනාගාරයේ තුළදී  වස දී ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන්ද  කුඩු අන්ජුට එරෙහිව බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් ඇතැයිද වාර්තා වේ.

දේශපාලන රැකවරණය මත ප්‍රංශයට පළා ගොස් රැඳී සිටින කුඩු අංජු නැමැත්තාට එරෙහිව මෙරට පොලිසිය මගින් ගල්කිස්ස අධිකරනයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ත්‍රස්තවාදී පනත යටතේ සැකකරුවකු ලෙසත් , ඊට අමතරව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන  මෙන් ම පොලිස් ගැසට් තුනෙහි පලාගිය සැකකරුවෙකු ලෙස ලේඛනගතව ඇතැයි පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි.

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved