Connect with us

පුවත්

කුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපොළ තහ­නම්

Published

on

පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇතුළු නීති­වි­රෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කර­ගෙන ඇති පුද්ග­ල­යන් 88 දෙන­කුගේ රුපි­යල් කෝටි 400කට අධික දේපොළ නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් මේ වන විට තහ­නම් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

ඒ අතර විශාල ඉඩම් 77ක් ඇතුළු පර්චස් 1500කට අධික ඉඩම්ද, නිවාස හා ගොඩ­නැ­ඟිලි 40කට වැඩි ප්‍රමා­ණ­යක් ද, මැණි­ක්ගල් 12ක් ද, රන් කිලෝ 10කට වැඩි ප්‍රමා­ණ­යක් ද, සුපිරි වෙළෙ­ඳ­ස­ලක් ද, ඔසු­හ­ලක් ද, හෝටල් 02ක් ද, සබන් කුඩු යන්ත්‍ර­යක් ද, වාහන 100කට වැඩි ප්‍රමා­ණ­යක්ද, බහු­දින යාත්‍රා 07ක් ද, පාපැදි 328ක් ද, වල්ලම් 02ක් ද, ඇතුළු දේපොළ ඇති බව එම තොර­තුරු විශ්ලේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වේ. මේසේ දේපොළ තහ­නම් කරන ලද අය අතර පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් 26කගේ දේපොළ ද තිබීම විශේ­ෂි­තය. වැඩිම දේපොළ ප්‍රමා­ණ­යක් තහ­නම් කර­මින් විකි­ණීම, පැව­රීම ආදී කට­යුතු සිදු කිරී­මට නොහැකි වන ලෙස ක්‍රියා­වි­ර­හි­ත­කර ඇත්තේ දෙම­ට­ගොඩ රුවන් නමැති අය­ගේය. ඔහු දෙම­ට­ගොඩ චමි­න්දගේ සහෝ­ද­ර­යාය. නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තු­රු­ව­ලට අනුව දෙම­ට­ගොඩ රුවන්ගේ තහ­න­ම්කර ඇති දේපො­ළ­වල මුළු වටි­නා­කම සඳ­හන් වන්නේ රුපි­යල් 666,900,000ක් ලෙසිනි. ඊට රුපි­යල් කෝටි 9ක බැංකු ගිණුම් 05ක්, රුපි­යල් කෝටි 38ක් වටිනා ඉඩම් 02ක්, රුපි­යල් කෝටි 20ක් වටිනා වාහන 10ක්, රුපි­යල් කෝටි 2කට වැඩි වටි­නා­ක­මක් ඇති රත්ත­රන් කිලෝ එක­හා­මා­රක්, රුපි­යල් කෝටි 4කට අධික වටි­නා­ක­මක් ඇති නිවාස 02ක්, මෙන්ම රුපි­යල් කෝටි­ය­කට වැඩි වටි­නා­ක­මක් ඇති උකස් පත්‍රිකා තහ­න­මට ලක්කර ඇති දේපොළ අතර ඇතැයි නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

කුඩු සළිඳු, කුඩු රොෂාන්, මොහො­මඩ් රිෆ්කාන්, වැලි­විට සුදා, කර­න්දෙ­ණිය සුද්දා, ගණේ­මුල්ල සංජීව, ලඩියා, කැවුමා, බටු­වත්තේ චාමර, බාසික්, ඕලු­මරා, බතල හීන්, පරෙයි සුද්දා, කිරින්දේ චාමර ඇතුළු පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැස­කගේ දේපොළ තහ­න­මට ලක්ව ඇති මෙම දේපොළ අතර ඇති බව නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු අනා­ව­ර­ණය කරයි. ප්‍රධාන පෙළේ ගංජා ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස හඳු­නා­ගෙන සිටින බතල හීන් නමැ­ත්තාගේ රුපි­යල් කෝටි 10 දේපොළ මෑත­කදී තහ­නම් කළ අතර ඉකුත් සතියේ දී ඔහුගේ බිරි­යගේ නමින් වූ තවත් රුපි­යල් කෝටි 03ක දේපොළ තහ­න­ම්කර තිබේ.

මෙසේ දේපොළ තහ­න­ම්කර ඇති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැසක්ම සිටින්නේ විදේ­ශ­ග­ත­වය. බොහෝ දේපොළ ඔවුන්ගේ ඥාතීන්ගේ නම්ව­ලින් තිබී ඇත.

මෙම දේපොළ තහ­න­ම්කර ඇත්තේ 2021 වසරේ සිට කරනු ලබන විම­ර්ශ­න­යන්ට අනු­වය. ඉදි­රි­යේදී තවත් විශාල පිරි­ස­කගේ දේපොළ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ඒ අනුව එම දේපො­ළද තහ­නම් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

(දිනමිණ)

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved