Connect with us

පුවත්

කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කරයි!

Published

on

මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා වන අයවැය සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත. 

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය මුලින්ම පරාජයට පත්වීමෙන් පසුව නගරාධිපතිවරයා එලෙස කටයුතු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (21) නිකුත් කර ඇත. 

ඒ අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ. 

තුෂාර සංජීව විතාරණ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිතය.

පුවත්

තවත් පිරිසක් සජබය සමඟ එක්වේ

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. 

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Continue Reading

පුවත්

ලෝක ප්‍රසිද්ධ සුරතලා මිය යයි

Published

on

By

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.

එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.

Continue Reading

පුවත්

අපිරිසිදු දන්සල් 20කට නීතිමය ක්‍රියාමාර්ග

Published

on

By

දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.

කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved