වත්තල,කෙරවලපිටිය කසළ අංගනය අපද්‍රව්‍ය කළමණාකරණ උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරිමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදී ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කසළ කළමණාකරණයෙන් පරිසරය පිරිසිදුව පවත්වාගැනීම සඳහා මෙම උද්‍යානය නිර්මාණය කර ඇත.
ඒ අනුව මෙහි කසළ යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම,දැවිතෙල් නිෂ්පාදනය, ප්‍රාථමික ජෛව අඟුරු නිෂ්පාදනය ඇතුළු තවත් නවමු නිෂ්පාදන සිදුකිරිමට කිරීමට නියමිතය.
තවද කෙරවළපිටිය කසළ අංගනයේ දිරාපත්වන කසළ යොදාගනිමින් දිනකට කසළ මෙට්ට්‍රික් ටොන් 20ක් පමණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර සිල්ලර වෙළඳපොළට නිකුත් කරන අතර මේ වනවිටත් මෙම කසළ අංගනයේ කොම්පෝස්ට් පොහොර ටොන් 1500ක් පමණ නිපදවා අවසන් බවද පවසයි.
එසේම කෙරවළපිටිය කසළ අංගනයේ නිපදවන කොම්පෝස්ට් පොහොර රසදිය හා ඊයම් අඩංගු නොවන බවත්,කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතාම යෝග්‍ය බවත් රසායනාගාර පරීක්ෂණ මගින් හෙළිවී ඇති අතර මෙහිදි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සුත්‍ර සියල්ල කසල අංගනය තුළම ස්ථාපිත කර ඇත.
තවද, නිෂ්පාදනය කරන ජෛව කොම්පෝස්ට් හලා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රද කෙරවළපිටිය කසළ අංගනය සතුව පවතී.
ඊට අමතරව මෙහි දැනටමත් දැවිතෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොලීතීන් හා ප්ලාස්ටික් ටොන් ලක්ෂ එකහමාරක් පමණ මෙහි සතු වේ.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදී මේ සියල්ල යොදාගනිමින් අනාගතයේදී දැවි තෙල් නිෂ්පාදනය හැකි අතර ඒ සඳහා පුද්ගලික සමාගමක් සමඟ එක්ව කටයුතු සිදුකරන බව පවසයි.
දිරන හා නොදිරන කසළ යනුවෙන් වර්ග කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් රැසක් කෙරවලපිටිය කසල අංගනයට සැපයීමේ කටයුතුවල නිරතව සිටියි.
ඒ අනුව කෙරවලපිටිය කසල අංගනයට දිනකට දිරාපත්වන කසල මෙට්‍රික් ටොන් 550ක් ලබාගන්නා අතර දිරාපත් නොවන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් ලබා ගනී.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මාසයේ අරඹන ලද කෙරවලපිටිය කසල අංගන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ආරම්භ කර ඇත.
අක්කර 20ක පමණ භූමි භාගයක මෙම කසළ අංගනය ඉදිකර ඇති අතර කසළ අංගනය මෙතෙක් පවත්වාගෙන පැමිණි, දිනකට නිෂ්පාදනය කරන ජෛව පොහොර ධාරිතාවය ඉහළ නංවා ගැනීමේ ඉදිරි සැලසුම මේ වන විටත් සකස්කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
මුලාශ්‍රය -දිනමිණ