Connect with us

පුවත්

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑනාට ඇප (UPDATE)

Published

on

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එක් දියණියක් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ඊට පෙර, ඔහුගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි. එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5  බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර තිබුණි.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 19, ප.ව.7:42)

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප (UPDATE)

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 19, ප.ව.3:36)

කෙහෙළිය ගෙදර යයි. බෑණා කෙනෙක් සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට (UPDATE)

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන බවය.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.11.38 )

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

පුවත්

“ගල් ඉබ්බා” මතුගමදී පොලීසියට කොටුවේ

Published

on

By

අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසිනි.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නය.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

තලවතුගොඩ Austasiaහි වෙඩි තැබීමක්

Published

on

By

තලංග​ම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇත.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔස්ට්‍රේසියා ස්පොට් ක්ලබ් සමාජ ශාලාව (Austasia Sports and Leisure Club)  පිහිටි භුමියේදී ය.

ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයා විසින් ඔහු සතුව තිබු බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරියා විසින් ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති බවයි වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් රිවෝල්වර ගිනි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන් තිබේ. 

වෙඩි තැබිමේ සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Continue Reading

පුවත්

ඇමරිකා මැදිහත්වීමෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැඩසටහනක්

Published

on

By

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ සහයෝගීතාවයෙන්, සති දෙකක කලාපීය පුහුණු වැඩසටහනක් පවත්වන ලදී

මෙම වැඩමුළුවේදී, බරපතළ ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ නව මනෝවර්තක ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටනිල් සහ ඒ හා සමාන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

පුහුණුව අවසානයේ පැවති උත්සවයකදී, එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩළයේ (NDDCB) සභාපති ආචාර්ය ඉන්දික වන්නිනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රේඩියන් ASAP මත්ද්‍රව්‍ය පරීක්ෂණ උපකරණය ශ්‍රී ලංකා බලධාරීන්ට භාර භාර දීම ද සිදුවිය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අරමුදල් ලද කලාපීය මුලපිරීමක් වන අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙස, දකුණු ආසියාව පුරා කෘත්‍රිම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම ශක්තිමත් කිරීමට, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කටයුතු පිළිබඳ කාර්යාංශය (INL), Colombo Plan සමඟ හවුල් වී ඇත.

සිය ජාතිකරසායනාගාරවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නවීනතම උපකරණ ස්ථාපනයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන
රටවල අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් කොළඹදී සති දෙකක විස්තීරණ පන්ති කාමර සහ ප්‍රායෝගික පුහුණුවකට සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved