Connect with us

පුවත්

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් තබයි

Published

on

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.
බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම සිය පක්ෂය දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදුකළ බවත් ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදුවු බවත්, සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම කරුණු මුලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුව ඇති අතර, අද දිනයේ රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී කියාසිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙසය.

රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීමට හේතුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

පුවත්

පිට පිට ගිනිගත් ක්‍රිෂ් ආරක්ෂා කරන්න පොලිසියෙන් 20ක් දාලා

Published

on

By

පිට පිට දින දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) ගිනි ගැනීම් වාර්තා වුණි.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදා ගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.

පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.

ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

Continue Reading

පුවත්

ඩුබායිවලින් ගෙනා රොටුඹ උපාලිව දින 7කට තිහගොඩ පොලිසියට බාරදෙයි!

Published

on

By

ඩුබයි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.

ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රොටුඹ උපාලි නමැති 39 හැවිරිදි සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී ඇත.

සැකකරුට විරුද්ධව ඇති චෝදනාව –

01. 2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම. 

02. ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03 වයසැති බාලවයස්කාර දැරියක් නීත්‍යානුකුල බලහත්කාරයෙන් අපහරණය කර ස්ත්‍රි දූෂනය කිරීම.

03. 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම. 

Continue Reading

පුවත්

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක්

Published

on

By

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද පස්වරුවේ යළිත් වතාවක් ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 03ක් යොදා ඇතැයි පැවසේ.

ඊයේ (06) රාත්‍රියේ ද මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ගින්නක් හටගත් අතර, එය අද අලුයම මැඩපැවැත්වීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සමත්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved