වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන කොටස් අලෙවි සමාගමේ කළමනාකාරවරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ උදයකුමාර මහතාගේ සැලසුමකට අනුව දෙල්කඳ පිහිටි අදාළ වාහන අමතර කොටස් අලෙවි සමාගම පෙරේදා (15) වැටලීමට ලක්කර තිබිණි.
මෙහි මත්පැන් තොග වශයෙන් සඟවා තබා කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපා රිකයෙක් විසින් කොල්ලුපිටි හා කොට්ටාවේ පිහිටි බේස් (BASE) රාත්‍රි සමාජ ශාලා වෙත රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.
තීරුබදු නොගෙවා මෙම මත්පැන් ආනයනය කිරීම මගින් රජයට විශාල ආදායමක් අහිමි කර ඇති බවත් සැකකරු විදේශීය මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත බාරදී ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.
පොලිස් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.