Connect with us

පුවත්

කොග්ගල වෙඩි තැබීමක් අයෙක් මරුට

Published

on

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අළුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසකට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙලෙස එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක උතුරු කඩවර, කොග්ගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම වෙඩි තැබීමට පැමිණි තිදෙනාගෙන් එක් අයෙක් මිය ගිය තැනැත්තා පදිංචිව සිටි නිවසේ කාමරයකට ජනේලයෙන් එබී බලමින් මරණකරුගේ පුතා පිළිබඳ සොයාබලා ඇති අතර එම අවස්ථාවේ මරණකරුගේ මිණිබිරිය අධ්‍යාපන කටයුතුවල යෙදී සිට ඇත. 

මරණකරුගේ මිණිබිරිය විසින් ඔහු දැක කෑ ගසා ඇති අතර මරණකරු විදුලි පන්දමක් ද රැගෙන මේ පිළිබඳ පරික්ෂා කිරීමට පිටුපස දොරින් එළියට පැමිණි අවස්ථාවේ දීම රැදී සිටි පුද්ගලයන් විසින් මරණකරුට වෙඩි තබා පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved