පුවත්

කොටුවේ සිට තලෙයිමන්නාරමට යළි දුම්රිය ගමන් ඇරඹේ

Published

on

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවය.

ඒ අනුව අද සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කෙරේ.

  • කොළඹ කොටුව – තලෙයිමන්නාරම
  • කොළඹ කොටුව පිටත්වීම ප.ව. 16.15 තලෙයිමන්නාරම ළඟාවීම ප.ව. 22.15
  • තලෙයිමන්නාරම – කොළඹ කොටුව
  • 2024.11.13 දින සිට – තලෙයිමන්නාරම පිටත්වීම පෙ.ව. 04.15 කොළඹ කොටුව ළඟාවීම පෙ.ව. 10.15

Trending

Exit mobile version