Connect with us

පුවත්

කොතලාවල වෛද්‍ය පීඨයට අපේ රටේ සිසුන් බඳවා නොගැනීම බරපතළ වරදක් (වීඩියෝ)

Published

on

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විදේශික සිසුන් සහ කැඩෙට් නිලධාරීන් හැර වෙනත් දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීමට රජය ගෙන ඇති තීරණය බරපතළ වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මෙහිදී  අවධාරණය කර ඇත්තේ රජයේ මෙම තීරණය මගින් රටේ සිසු දරුවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අවස්ථා අහිමි කර ඇති බවය.

“රජය තීරණය කරලා තිබෙනවා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කරන වෛද්‍ය උපාධි පාඨමාලාව දේශීය සිසුන්ට නතර කරන්නට.

මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත්ත පාඨමාලාවක්. ඒ වගේම මේ පාඨමාලාව තුළින් විදේශීය සහ කැඩෙට් සිසුන් 50කටත් අභ්‍යන්තරව අප රටේ තවත් සිසුන් 100 කටත් වශයෙන් මුළුමනින් වාර්ෂිකව සිසුන් 150කට වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා.

මෙය නතර කිරීම තුළ එක් පැත්තකින් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දූදරුවන්ට තිබෙන අවස්ථාවන් නැතිකිරීමක් හැටියට අපි දකිනවා. ඒක බරපතළ වරදක්. අපේ රටේ සිසුන්ට මේ වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව අහිමි කරලීම තුළ බරපතළ හානිදායක දේවල් කිහිපයක් සිද්ධ වෙනවා.

එක පැත්තකින් මේ පාඨමාලාව හදාරන්නට හිටපු සිසුන් අපේ රටේ රුපියල් ලක්ෂ 130ක් පමණ වැය කරලා හදාරණ වෛද්‍ය උපාධිය වෙනුවට ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රුපියලේ වටිනාකමින් ලක්ෂ 400 – 500 අතර ප්‍රමාණයක්, මැලේසියාවට ගිහිල්ලා ලක්ෂ 300 – 400 අතර ප්‍රමාණයක්, ඉන්දියාවට ගිහිල්ලා ලක්ෂ 200 – 300 අතර ප්‍රමාණයක් වියදම් කිරීම ඩොලර්වලින් සිදුකිරීම තුළ අපේ රටේ රඳවාගන්නට පුළුවන් ඩොලර් ප්‍රමාණය රටට අහිමි වෙනවා.

ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාලයේ මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව හදාරණ සිසුන් ගණනාවක් ඉන්නවා ඔවුන්ට නැගෙනහිර විශ්වවිද්‍යාලය, සබරගමු විශ්වවිද්‍යාලය, ඌව විශ්වවිද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනයෙන් අවස්ථා ලැබිලාත් දුරබැහැරකම නිසාත් වෙනත් හේතූන් නිසාත් කොතලාවල වෛද්‍ය පීඨයට ඒ අය ඇතුළු වෙලා තිබෙනවා. ඒ නිසාම නිදහස් අධ්‍යාපනයෙත් නැගෙනහිර, ඌව, සබරගමු විශ්වවිද්‍යාවල තවත් සිසුන් පිරිසකට අමතර අවස්ථා නිර්මාණය වෙනවා. දැන් මේ තුළ ඒ අවස්ථාවත් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට අහිමි වෙනවා.

අප කළ යුත්තේ අධ්‍යාපනය තුළ සිසුන්ට අවස්ථා වැඩිකිරීමයි. අපේ රටේ වෛද්‍යවරුන් 15000 කට ආසන්න ප්‍රමාණයක හිඟයක් තියෙනවා. මේ හිඟයට පිළියම් ලබාදෙන්න ඕනෙ වෛද්‍ය පාඨමාලාවල් සිසුන්ට අහිමි කරලා නෙවෙයි, තවත් වැඩිකරලා. දැන් මේ රජය යන්නේ යායුතු මග නෙවෙයි. ලෝකයම යන මාර්ගයේ නෙවෙයි.

මේ රජය යන්නේ වෙනස් මාර්ගයක. අවස්ථා අහිමි කිරීම. අපි හැමෝම පිළිගන්නවා අප රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ඕනෙ. නිදහස් අධ්‍යාපනය යාවත්කාලීන කරන්නට ඕනෙ, කාර්යක්ෂම කරන්නට ඕනෙ, වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන්නට ඕනෙ.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට වසා දමලා හරියන්නෙ නෑ”

සබැඳි පුවත්

පුවත්

ගතවූ මාස 06ට රිය අනතුරුවලින් 2000කට ආසන්න පිරිසක් මරුට

Published

on

By

2025 වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවය. 

Continue Reading

පුවත්

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

Published

on

By

වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 163ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා  පැවසුවේ, මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවය.

“2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා. රථවාහන ගත්තහම 2025 පෙබරවාරි 1 සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන්නා. මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කරලා තියෙනවා. ඒ තුළින් රු බි 165ක පමණ ආදායමක් උපයලා තියෙනවා. මේ වසරේ දී අපි මෝටර් රථ ආනයනයෙන් අපි රු බි 450ක් බලාපොරොත්තු වෙනවා.”

ඉරාන ඊශ්‍රාරායල් යුද්ධය මෙරටට භාණ්ඩ ආනයනයේදී බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ, රට තුළට භාණ්ඩ ආනයනය කරන නෞකා මෙතෙක් ප්‍රමාද වන බව දැනුම්දී නොමැති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය ,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved