Connect with us

පුවත්

කොමිෂන් වලට අයැදුම්පත් කැඳවන්න තීන්දු වෙයි

Published

on

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති එම්.කේ.පී. ප්‍රනාන්දු මහතා පත්කිරීමට ජනාධිපතිවරයා සිදුකර ඇති නිරිදේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇත.

මේ අතර, එන්.බී.පී.ඩී.එස්. කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් 2023 පෙබරවාරි 01 වැනිදා පුවත්පත්වල දැන්වීම පළ කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහිදී තීරණය කර තිබේ.

පුවත්

විහිළු කතා සපයන්නන්ට රවී උත්තර දෙයි

Published

on

By

වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ අනුව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවයි රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ.

අනතුරුව මැතිවරණය ජයග්‍රහණය කර රට හරි මාර්ගයේ ගෙනයාම විය යුතු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බවයි කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Continue Reading

පුවත්

අනුර ජොන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලයි

Published

on

By

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ ද්වේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන  රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු  ලේඛන 10ක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඉදිරියේ සාක්ෂි කැඳවීම සිදුවිය.

Continue Reading

පුවත්

රාජ සන්තක වුණු “කුඩු සනා”ගේ වත්කම්

Published

on

By

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් තහනම් කර තිබේ.

පොලීසිය පවසන්නේ, එම දේපළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකුවන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නමැත්තා සහ ඔහුගේ සහෝදරයා පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

ඔහුගේ බිරියගේ නමින් මිලදීගෙන ඇති ගෝනපල ප්‍රදේශයේ පිහිටි කෝටි 2කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් , සැකකරුගේ මවගේ නමින් මිලදීගෙන තිබූ මොරන්තුඩුව ප්‍රදේශයේ නිවසක් , සහ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු මෝටර් රථ තුනක් ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගැනීම සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved