Connect with us

පුවත්

‘කොවිඩ් 19’ තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ටෙඩ්‍රෝස්

Published

on

‘කොවිඩ් 19’ වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා පවසයි.

සාර්ථක එන්නත්කරණයත්, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාලවීමත් සමඟ වයිරස අවදානය කෙමෙන් පහව ගිය බවත් ඔහු කියා සිටී.

තව දුරටත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

‘කොවිඩ් 19’ වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව ද ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

‘කොවිඩ් 19’ පමණක් නොව, ‘එම්-පොකිස්’ හෙවත් ‘මංකි පොක්ස්’ (වදුරු පැපොල) සම්බන්ධයෙන් ද ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

‘කොවිඩ් 19’ මෙන්ම ‘එම්-පොකිස්’ ද අවදානම් තත්ත්වය ඉක්මවා ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

“කොවිඩ් 19 හෝ එම් මොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වේවි. කෙසේ නමුත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොමත ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරයි.

‘කොවිඩ් 19’ වයිරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීය.

එම වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

2020 වනවිට ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතයක් බවට පත් විය.

කෙසේ නමුත් තවමත් ‘කොවිඩ් 19’ චීනයට හිසරදයකි.

චීනය ‘කොවිඩ් 19’ පාලනයට පැනැවූ සෞඛ්‍ය සීමා, ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබේ.

ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදුවන බව පැවැසෙයි.

කෙසේ නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය මේවන විට සම්පූර්ණ වෙනස් වී තිබේ.

මූලාශ්‍රය – රොයිටර්ස්

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved