Connect with us

පුවත්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

Published

on

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (11) රාත්‍රීයේත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇද හැළුණු අතර, ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 175.5ක අගයක් අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන් වාර්තා විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (12) උදෑසන 9.30ට නිකුත් කළ වාර්තාව අනුව කැලණි ගඟ නාගලගම් වීදිය සහ හංවැල්ල යන ජල මාපකවල සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව කොළොන්නාව, වැල්ලම්පිටිය , කැලණිමුල්ල මෙන්ම අඹතලේ , ගල්වාන සහ මල්වාන නගරයන් ද ජලයෙන් යටවී තිබේ.

මේ අතර, කැලණි ගඟ පිටාර ගැලීමෙන් කඩුවෙල පහත්බිම් රැසක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවද ජලයෙන් යට වී ඇත.

කැලණි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග හංවැල්ල ජල මාපකයේ ජල මට්ටමද මීටර්. 8.8 දක්වා ඉහළ ගොස් තිබුණි.

මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව පිහිටි පහත්ගම, ගොඩපරගොඩැල්ල, සීවලීවත්ත, ජයවීරගොඩ, වලව්වත්ත, වනහගොඩ, ඊරියගොල්ල ඇතුළු පහත් බිම් රැසක් ජලය යට වූ බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ නිවාසවල සිටි පිරිස් අවතැන් කඳවුරු වෙත යොමුකිරීමටද සිදුවිය.

මීට අමතරව, කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති අතර, කළුතර – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටවී තිබේ.

බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයද ජලයෙන් යටවූ අතර, ප්‍රදේශවාසීන් චෝදනාකර සිටියේ තම ප්‍රදේශය මෙම වසර තුළ 17 වැනි වරටත් ජල ගැලීම්වලට ලක්වූ බවය.

කුකුළේ ගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් තමන් මෙම ගැටලුවට මුහුණ දෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේය.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved