පුවත්

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Published

on

කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කලේය.

වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් වූ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය ධාවනය ආරම්භ කර තිබේ.

ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදීය.  

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වනඅලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබුණු අතර වනඅලි දෙදෙනෙකු ද මියගොස් තිබුණි.

Trending

Exit mobile version